Lightning Digital Youth Boot Camp සඳහා මාර්ගෝපෙද්ශනය ලංකා වෘත්තීය මාර්ගෝපෙද්ශන සංගමයෙන්
තරුණ තරුණියන් සියයකට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් පැවැත්වුණු මෙම වැඩසටහනේදී තොරතුරු තාක්ෂණ විෂයෙහි ප්‍රවීණයගේ සහභාගීත්වයෙන් තරුණ කණ්‍ඩායම් වෙත
Computer Coding
Web Designing
Digital Marketing
UI/UX Designing
පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම වෙනුවෙන් විවිධ දේශන සංවිධානය කර තිබිණි.
තවද, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින විවිධ වෘත්තීය ගමන් මාර්ග, තොරතුරු තාක්ෂණය හා බැදුණු ව්‍යවසායකත්ව අවස්ථාව හා නව නිපැයුම් පිළිබඳ තරුණ තරුණියන් වෙත දැනුම ලබා දීම හා එක් එක් වෘත්තීය ගමන් මඟට අදාළ වැඩිදුර තොරතුරු හා සීමාවාසික පුහුණුව මෙන්ම තෝරාගත් තරුණ තරුණියන් සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනයේ නියැලීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද සිදු කරන ලදි.
වසර 2025 වන විට රට තුළ ලක්ෂ 3ක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැළෙන ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම තුළින් දැනට රුපියල් බිලියන 1.2ක් පමණ වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා රටට ඇඳී එන ආදායම රුපියල් බිලියන 3 දක්වා ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ බව ICTA ආයතනයෙහි අමින්ද ජේම්ස් මහතා මෙහිදී අදහස් දක්වන ලදි.
රටෙහි පවත්නා අවශ්‍යතාවයන් මැනැවින් හඳුනාගනිමින් මෙවැනි කාලීන විසඳුම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ICTA ආයතනය හා ජාතික තරුණ සේවා සභාව වෙත ස්තුතිවන්ත විය යුතු අතර, එම විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී අප සංගමයේද දායකත්වය ලබා දීමට ලබා දුන් අවස්ථාව වෙනුවෙන් අප කෘතඥ වෙමු.
කංචුක ද අල්විස්
ලංකා වෘත්තීය මාර්ගෝපෙද්ශ සංගමය
Comments
Post a Comment