අලුත් කණ්ඩායමක් ජාතික වෘත්තීය මාර්ගෝපදේශන ඩිප්ලෝමාවට එක්වෙයි.
2022 ජාතික වෘත්තීය මාර්ගෝපදේශන
ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2022 පෙබරවාරි 06 ඉරිදා ශ්‍රී ලංකා පදනම්
ආයතනයේ දී පැවැත්විණ.
කණ්ඩායම් දහයක් පාඨමාලාව සම්පූර්ණ කර
තිබීමත් පාඨමාලාව ඇරඹී මේ වන විට දස වර්ෂ පූර්ණයත් නිසා මෙවර සුවිශේෂය. ශ්‍රී ලංකා
පදනමේ අධ්‍යක‍්ෂ ජනරාල් ආචාර්ය විජේරත්න සූරියවැව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත්
ජයවර්ධන, පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය උක්වත්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බුද්ධික රුද්‍රිගු,
කථිකාචාර්ය විරාජ් අබේසිංහ හා ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ සභාපති ලක්මාල්
වීරමන්ත්‍රී ඇතුළු පිරිසක් ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
හත්සියයකට වැඩි පිරිසක් මේ වන විට ජාතික ඩිප්ලෝමාව සම්පූර්ණ කර වෘත්තීමය මාර්ගෝපදේශකයන් ලෙස සමාජගතව සිටීම හා පාඨමාලා හතු පිපෙන්නා සේ ඇතිව නැතිව යන වටපිටාවක පදනමේ සාර්ථකත්වයේ පදනම ජාතික ඩිප්ලෝමාවේ ගුණාත්මකභාවය හා එහි අජිත් ජයවර්ධන මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ පරිනතභාවය හා දැනුම බව සපථ කළේය. පාඨමාලාවේ ඉතිහාසය පෙන්වා දුන් ආචාර්ය විජේරත්නයන් කියා සිටියේ, අද පාසැල්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන මතු නොව සමස්ත වෘත්තීය මාර්ගෝපදේශන වෘත්තිකයින් සිටින ඔ්නෑම තැනක නියමුවන් වීමට මෙම පාඨමාලාවේ විද්‍යාර්ථීන්ට හැකි වී ඇති බවයි. ඔවුන් සංගමයක් ලෙස ගොනු වී තිබීමත් ශක්තියක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
දරුවෙකු ගේ පෞරුෂ වර්ධනයේ සිට උසස්
අධ්‍යාපනය දක්වා මාර්ගෝපදේශන ක්‍රියාවලියේ ලෝක පරිමාණ න්‍යායාත්මක ප්‍රවේශයෙන්
ජාතික වෘත්තීය මාර්ගෝපදේශන ඩිප්ලෝමාව තුළ ගොනුවන ආකාරයත්, රැකියා ගවේශනයේ හා
වෘත්තීමය සාර්ථකත්වයේ නිම් වළළු ප්‍රසාරණය කර ගැනීමට ඉතිහාසය පුරා මෙහි විද්‍යාර්ථීන්
කටයුතු කළ ආකාරයත්පෙන්වා දුන් අජිත් ජයවර්ධනයන් දස වසරක සාර්ථකත්වයේ කඩ ඉම් සිය
අදහස් දැක්වීම තුළ පෙන්වා දෙන ලදී.
වෘත්තීමයභාවය සඳහා අවැසි ආයතනගත වීම
හා ආචාර ධර්ම සහිත ක්‍රියාකාරී වැඩ පිළිවෙලකට මාර්ගෝපදේශන වෘත්තීකයන් හා එක්ව
කටයුතු කරන ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන
සියලු විද්‍යාර්ථීන් ගේ වෘත්තීය සාර්ථකත්වය උදෙසා තවදුරටත් අනලස්ව කටයුතු කරමින්
සිටියි.
ඉරන්දි දහනායක,
ලංකා වෘත්තීය මාර්ගෝපදේශ සංගමය
Congratulations ..for the students of new batch.
ReplyDelete