Posts

Slide Show

Rotract "ප්‍රතිෂ්ඨා" සමඟ CCGA

Image
කැළණිය විශ්ව විද්‍යාලීය Rotract සංවිධානයේ SOCIOSPIRING කණ්ඩායමේ ව්‍යාපෘතියක් ලෙස දිරිමත් තාරුණ්‍යයක් - සවිමත් රටක් යන අරමුණ පෙර දැරිව "ප්‍රතිෂ්ඨා" යන මැයෙන් සංවිධානය කෙරුණු අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ අපේක්ෂිත ප්‍රතිඵල මට්ටම් කරා ළඟාවීමට නොහැකි වූ සිසු සිසුවියන් අනාගත වැඩ ලෝකයේ වෘත්තීන් සඳහා දිශාමුඛ කිරීමේ වැඩසටහන් මාලාව 2022 ක් වූ පසුගිය අප්‍රේල් මස 23 වන දින රත්නපුර සීවලී විද්‍යාලයේදී පැවැත්විණි. මෙහිදී විවිධ පාර්ශව සම්පත් දායකයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ලංකා වෘත්තීය මාර්ගොපදේශන සංගමයද කැළණිය විශ්ව විද්‍යාලීය Rotract සංවිධානයේ ආරාධනයෙන් "වෘත්තීය යතුර" මනෝමිතික පරීක්ෂණය ආශ්‍රයෙන් දරුවන් අධ්‍යයනය කර ඔවුන් වෙත වෘත්තීය පාඨමාලා පිළිබඳ අවබෝධ ලබා දීම සිදු කරන ලදී. මෙම වැඩසටහන සම්බන්ධයෙන් පාසලේ ගුරුභවතුන් මෙන්ම දරුවගේ දෙමව්පියන්ද ප්‍රසංශනීය අදහස් දැක්වූ අතර, රත්නපුර සීවලී විද්‍යාලයේ වත්මන් විද්‍යාලාදීපති කපිතාන්. නීල් වතුකාරවත්ත මහතා ද මෙවන් වැඩසටහනක අවශ්‍යතාවය පෙන්වා දෙමින් බෙහෙවින්ම අගය කොට දක්වන ලදී. එමෙන්ම මෙම වෘත්තීය මාර්ගොපදේශන වැඩසටහන සාර්ථකව සි...

CCGA Empowers the skills of Career Counsellors through online training.

Image
Due to the recent G.C.E. Ordinary Level exam, the need for professional counsellors has increased. Our Association acted as a responsible party for years who successively implants professional guidance to the students for select A/L subjects with a correct analysis. As the lead association in the country for career guidance, we had planned to increase counsellors' skills through online training. With a proper demonstration of the streams in the Advance Level and the subjects that can be chosen within the circle as well as out of the circle.  The training was held on 9th June 2022. The training was free for the members of the CCGA. Also, open to career guidance professionals, who use 'Career Key' as the analysing tool for guidance. Also, we never forget to show our gratitude to Mr Viraj Abhayasinghe, Career Counsellor - University of Kelaniya, for joining as a key trainer for the session and to Mr Ajith Jayawardhana, Chairman-NDC, for guiding us to bring the session to its...

CCGA runs the duty in EDEX as the strategic partner

Image
The EDEX career fair 2022 has been held on 26-27 March 2022 at Royal College. As always many of the school leavers who intend to find out their career in further education academic or vocational and looking for join the workforce with a suitable career path had arrived at the Career Fair. This time the EDEX fair has been held in a hybrid way so, the participants did join the sessions and events virtually and physically both. The organizing committee says that over 2,000 people joined physically and around 5,000 people joined virtually. Since they have conducted the hybrid method for the first time, they say that this is a good outcome under the situation of the country. Also, they mentioned the mid-year fair would not be held this time. Around fifty professional career counsellors joined the Career Fair and provided guidance and counselling to the seekers who are looking for a correct path on the climbing ladder of a career. As always, the analyzing method was the Career Key based on t...

බෝධිරාජ විද්‍යාලයීය දරුවන්ට අනාගතය ජයගැනීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය

Image
ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය, ජාතික තරුණ සේවා සභාව, පූගොඩ බෝධිරාජ විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබනු ලැබූ  උසස්පෙළ සිසුන් සඳහා අනාගත අපේක්ෂාවන් ජය ගැනීම සඳහා වෘත්තීය මංපෙත් තෝරා දීමේ මාර්ගෝපදේශන වැඩසටහන 2022 පෙබරවාරි 19 දින ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ බෝධිරාජ විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදුනි. මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටකට අධික ප්‍රමාණයක් සහභාගී වුණි. වැඩසටහන සඳහා ලංකා වෘත්තීය මාර්පදේශන සංගමයේ සුදුසුකම් ලත් වෘත්තීය මාර්ගෝපදේශකයන් දස දෙනෙකු සහභාගී වූ අතර, විද්‍යාලයීය පරිගණක ඒකකයේ තාක්ෂණික දායකත්වය ද සමඟින් ජයගමු මෘදුකාංගය (career.nysc.lk) භාවිතා කරමින් වෘත්තීය යතුර පරීක්ෂණය සිදු කරමින්, අනාගත ඉලක්ක ජය ගැනීම සඳහා දරුවන් හට වඩාත් සුදුසු මාර්ගය පෙන්වා දීමට කැපවුණි. විදුහල්පතිතුමන් ප්‍රමුඛ ආඩාර්ය මණ්ඩලයේ මෙන්ම වැඩසටහන හා සම්බන්ධ වූ සිසු දරුවන්ගේ නොමද පැසසුමට ලක් වූ මෙම සද්කාර්යය, අනාගත වෘත්තීය අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉටු කරනු ලබන විශිෂ්ට කර්තව්‍යයක් ලෙසින් අගයනු ලැබුණි. වැඩසටහන තුළින් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍ය...

Lightning Digital Youth Boot Camp සඳහා මාර්ගෝපෙද්ශනය ලංකා වෘත්තීය මාර්ගෝපෙද්ශන සංගමයෙන්

Image
ICTA ආයතනය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන ලද “Lightning Digital Youth Boot Camp” හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන පසුගිය මාර්තු 10 වනදා සිට දින 4ක් පුරා එරමිණියාය ජාතික තරුණ සේවා සභාවේ ස්විස් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර මාර්ගෝපදේශන සහකරුවන් ලෙස ලංකා වෘත්තීය මාර්ගෝපදේශ සංගමය සම්බන්ධ වී කටයුතු කරන ලදි.  තරුණ තරුණියන් සියයකට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් පැවැත්වුණු මෙම වැඩසටහනේදී තොරතුරු තාක්ෂණ විෂයෙහි ප්‍රවීණයගේ සහභාගීත්වයෙන් තරුණ කණ්‍ඩායම් වෙත            Computer Coding           Web Designing           Digital Marketing           UI/UX Designing පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම වෙනුවෙන් විවිධ දේශන සංවිධානය කර තිබිණි. තවද, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින විවිධ වෘත්තීය ගමන් මාර්ග, තොරතුරු තාක්ෂණය හා බැදුණු ව්‍යවසායකත්ව අවස්ථාව හා නව නිපැයුම් පිළිබඳ තරුණ තරුණියන් වෙත දැනුම ලබා දීම හා එක් එක් වෘත්තීය ගමන් මඟට අදාළ වැඩිදුර තොරතුරු හා සීමාවාසික පු...

දුරකතන දොස්තර කෙනෙක් වෙමු

Image
  මව්බිම Bro පුවත්පත්පතෙහි පලවූ ලිපිය කමල් අයිඩෘෘස් ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය

අලුත් කණ්ඩායමක් ජාතික වෘත්තීය මාර්ගෝපදේශන ඩිප්ලෝමාවට එක්වෙයි.

Image
  2022 ජාතික වෘත්තීය මාර්ගෝපදේශන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2022 පෙබරවාරි 06 ඉරිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. කණ්ඩායම් දහයක් පාඨමාලාව සම්පූර්ණ කර තිබීමත් පාඨමාලාව ඇරඹී මේ වන විට දස වර්ෂ පූර්ණයත් නිසා මෙවර සුවිශේෂය. ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක‍්ෂ ජනරාල් ආචාර්ය විජේරත්න සූරියවැව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන, පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය උක්වත්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බුද්ධික රුද්‍රිගු, කථිකාචාර්ය විරාජ් අබේසිංහ හා ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ සභාපති ලක්මාල් වීරමන්ත්‍රී ඇතුළු පිරිසක් ආරාධිතයින් ලෙස සහභාගී වූහ. හත්සියයකට වැඩි පිරිසක් මේ වන විට ජාතික ඩිප්ලෝමාව සම්පූර්ණ කර වෘත්තීමය මාර්ගෝපදේශකයන් ලෙස සමාජගතව සිටීම හා පාඨමාලා හතු පිපෙන්නා සේ ඇතිව නැතිව යන වටපිටාවක පදනමේ සාර්ථකත්වයේ පදනම ජාතික ඩිප්ලෝමාවේ ගුණාත්මකභාවය හා එහි අජිත් ජයවර්ධන මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ පරිනතභාවය හා දැනුම බව සපථ කළේය. පාඨමාලාවේ ඉතිහාසය පෙන්වා දුන් ආචාර්ය විජේරත්නයන් කියා සිටියේ, අද පාසැල්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන මතු නොව සමස්ත වෘත්තීය මාර්ගෝපදේශන වෘත්තිකයින් සිටින ඔ්නෑම තැනක න...