සිනහව
කායික , මානසික , සාමාජිය සහ අධ්‍යාත්මික යන අංශ හතරෙහිම අති විශිෂ්ඨ ප්‍රතිපල ගැනීම සදහා මුදලක් වැය නොවන එකම දෙය මොනව කියල ද ඔබ හිතන්නේ . විටෙක යන්ත්‍රයක් බදු ඔබ එයින් ද නොනැවතී කාසි මුදල් පසු පස හබා යාමේ ප්‍රතිපලයක් ලෙස අතීතයේදී අප තුල තිබු සහජීවනය සහ සාමුහිකත්වය පෑල දොරින් පලා යමින් පවතී . අද වන විට අප ගත කරන කාර්ය බහුල ජීවිතය තුල තවකෙකුට මෙය ලබා දීමට අවකාශයක් නොමැති තරම් ය. එවන් පසුබිමක අපගේ නිරෝගිතා විෂයෙහි සහජයෙන් ලත් ප්‍රතීකයක් ( Reflex) වශයෙන් වත් අපි ලග තාමත් මෙය තියෙනවාද?, තිබුනත් එහි වැදගත්කමක් ඇත් ද යන්න විමසා බැලීම වටී .
තව දුරටත් ගත් කල අපි ජාති, ආගම්, කුල මල , පන්ති බේද වලින් තොරව සැම පුද්ගලයෙක්ම වයස මාස 03 – 04 පමණ බිලිදු වයසේදී පටන් ගන්නා මෙය වයස මුහුකරා යත්ම , යම් යම් විපර්යාසයන්ට භාජනය වෙන්නට පටන් ගනී. එනම් අවස්තාවන් හා පුද්ගලයන් අනුව මෙය වර්ග රැසකට බෙදී යයි. විටෙක එය අව්‍යාජ වී තවත් විටක සරදමක් වේ. එයින් නොනවතින තරම කිවහොත් අපහාස, උපහාස සමග තවකෙකු අපහසුතාවයට පත් වේ. යහපත් සිතුවිලි සමග එන විට නිරෝගී වේ.කෙසේ වෙතත් තරගකාරී ලොව සතුට , සැනසුම,විනෝදය ගෙන එමට මෙය සමත් වනු ඒකන්තය.
ඇයි අපි මෙය භාවිතා කරන්නේ කියලත් බලමු, එයට හේතු මොනවාද යන්න සෙවීමේදී හමුවෙන්නේ ප්‍රධාන කාරනා 03 ක් යටතේ මෙය සිදූවන බවයි.
පළමු වැන්න නම්, අන් අයගේ වැරදි හා අන් අය කරදරයට පත් වූ විට සිනා සිම .නමුත් මෙය හොද දෙයක් නොවේ අන් අය පහත් කොට තමා උසස් ලෙස සලකමින් සමච්චලයට උපහාසයට වැනි දෑ බොහෝ පුද්ගලයන්ගෙන් විද්‍යමාන වන බවය.
දෙවැන්න නම් මෙය අධ්‍යාත්මික පිබිදීමක් සදහා යන්නයි .නිරතුරු මුවග මෙය රදවා ගනිමින් සිටින විට අධ්‍යාත්මික අවබෝදය නිරතුරු ලැබෙන බවයි.මානසිකව ගොඩ නගා ගත පවුරු පදනම් මෙහි බලවත් වීම මත ඇති වන හාස්‍ය තුලින් සත්‍ය අනාවරණය වන බව මින් අදහස් වේ.
තෙවැන්න නම් අපගේ අවිඥානය තුල ගිල්වා දමා ඇති තෘප්ත කර ගැනීමට නොහැකි වූ සිතුවිලි, හැගීම්, ආශාවන් වල රුච අරුචුකම් බිද වැටීම ලිහිල් කර ගැනීම යන්නයි .
එයේ එසේ උවත් මොකක්ද මේ” සිනහවෙන්” අපට සහ සමාජයට දෙන්න ගන්න තියෙන්නේ කියල මොහොතක් හිතන්න මම ඔබට යෝජනා කරනවා.
තව කෙනෙකුගේ ජීවිතය ධනාත්මක හෝ ඍනාත්මක වීමටත් එක සිනහවකට හැකි බව ද අමතක නොකරන්න.විටෙක සිනහව ආහාරයක් වන අතර විටක එය ඔසුවක් වේ.පෙර කි පරිදිම බිළිදෙකුගේ අව්‍යාජ සිනහව තමා තුල තබා ගැනීමට උත්සාහ කල හොත් කිසිම කෙනෙකුට කරදරයක් නොවී මම, අප ,පවුල, සමාජය වශයෙන් මානසික හා කායිකව තෘප්තිමත් වීමට අවකාශය ලැබෙනු ඇත.
එච්. එම. දීප්ති සිරිවර්ධන,
වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරි ,
කණ්ඩායම් අංක 08.
Comments
Post a Comment