Posts

Showing posts from February, 2022

Slide Show

අලුත් කණ්ඩායමක් ජාතික වෘත්තීය මාර්ගෝපදේශන ඩිප්ලෝමාවට එක්වෙයි.

Image
  2022 ජාතික වෘත්තීය මාර්ගෝපදේශන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2022 පෙබරවාරි 06 ඉරිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. කණ්ඩායම් දහයක් පාඨමාලාව සම්පූර්ණ කර තිබීමත් පාඨමාලාව ඇරඹී මේ වන විට දස වර්ෂ පූර්ණයත් නිසා මෙවර සුවිශේෂය. ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක‍්ෂ ජනරාල් ආචාර්ය විජේරත්න සූරියවැව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන, පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය උක්වත්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බුද්ධික රුද්‍රිගු, කථිකාචාර්ය විරාජ් අබේසිංහ හා ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ සභාපති ලක්මාල් වීරමන්ත්‍රී ඇතුළු පිරිසක් ආරාධිතයින් ලෙස සහභාගී වූහ. හත්සියයකට වැඩි පිරිසක් මේ වන විට ජාතික ඩිප්ලෝමාව සම්පූර්ණ කර වෘත්තීමය මාර්ගෝපදේශකයන් ලෙස සමාජගතව සිටීම හා පාඨමාලා හතු පිපෙන්නා සේ ඇතිව නැතිව යන වටපිටාවක පදනමේ සාර්ථකත්වයේ පදනම ජාතික ඩිප්ලෝමාවේ ගුණාත්මකභාවය හා එහි අජිත් ජයවර්ධන මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ පරිනතභාවය හා දැනුම බව සපථ කළේය. පාඨමාලාවේ ඉතිහාසය පෙන්වා දුන් ආචාර්ය විජේරත්නයන් කියා සිටියේ, අද පාසැල්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන මතු නොව සමස්ත වෘත්තීය මාර්ගෝපදේශන වෘත්තිකයින් සිටින ඔ්නෑම තැනක න...